ග්‍රීක දෙවිවරු ............

                             ග්‍රීක දෙවිවරු

ග්‍රීක ශිෂ්ඨාචාරය මනුෂ්‍යයා විසින් ගොඩනගන ලද්දේ දෙවිවරුන්ගේ අනුබලය හා ආනුභාව මධ්‍යයේ බව ග්‍රීක ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන කරුණකි.හෙසියොඩ්(Hesiod)නමැති ග්‍රීසියේ ප්‍රථම ඉතිහාසඥයා තියෝගනී (Thiogany)නමැති ග්‍රන්ථයෙන් පවසන පරිදි ලෝකයේ උපත සිදුවී ඇත්තේ දෙවියන්ගේ මැදිහත් වීමෙනි.
               මෙම රචනාවේදී මා මූලික අවධානය යොමු කරණු ලබන්නේ ඔල්ම්පස් කන්දේ විසූ ග්‍රීක දොළොස් මහා දෙවිවරු පිළිබඳව ඔබ හමුවට ගෙන ඒමටය.....
                 සියුස් (Zeus)යනු ඔලිම්පස් කන්දේ පාලකයා වශයෙන් හැදින්වෙන දෙවියාය.මොහු දොළොස්මහා දිව්‍ය මණ්ඩලයේ රජු ලෙස සැලකේ.ඔහු අහස,කාලගුණය,කුණාටු,විදුලි කෙටීම,නීතිය හා සාමය හා ඉරණමට අධිපති දෙවියාය .ක්‍රෝනුස් සහ රෙහා යුවලගේ බාලම පුත්‍රයා සියුස්‍ ය.ක්‍රෝනුස් මරා දමා දිව්‍ය ලෝකයේ පූර්ණ බලය ග්‍රහණයට ගත් පුද්ගලයා සීයුස් ය.
          හේරා(Hera) යනු දෙව් රැජිනකි.
විවාහය,කාන්තාවන්,දරු උත්පත්තිය,උරුමයන්,රජවරුන් හා අධිරාජ්‍ය
වලට අධිපති දෙවගනයි.මැය සියුස් මහ දෙවියන්ගේ භාර්යාවයි.
              ඇපලෝ(Apollo) ඉතාමත් වැදගත් වූද සංකීර්ණ වූද දෙවියා ලෙස සලකනු ලැබේ.ඔහු සියුස් මහ දෙවියාගේ පුත්‍රයාය.සූර්යා,සංගීතය,කලාවන්,දැනුම,සුවපත් කිරීම,වසංගත රෝග හා අන්ධකාරය,අනාවැකි පල කිරීම,කාව්‍ය,පාරිශුද්ධත්වය හා පුරුෂ ලක්ෂණ වලට අධිපති දෙවියා ලෙස සැලකෙන්නේ ඇපලෝය.
                ආරේස්(Ares)වනාහි යුද්ධය,ලේ හැලීම හා ප්‍රචණ්ඩත්වයට අධිපති දෙවියාය.සියුස් මහ දෙවියන්ගේ හා හේරා දෙවගනගේ පුත්‍රයෙකු වන මොහු නිතර නිරූපණය කොට අත්තේ හෙල්මටයක්,හෙල්ලක් හා කඩුවකින් සන්නද්ධ වූ,මුහුණේ රැවුලක් නොමැති සොල්දාදු තරුණයෙකු ලෙසය.
                ආටේමිස්(Artemis)වනාහි දඩයම,වනාන්තර,සතුන්,තරුණ ළමුන්,දරු උත්පත්තිය හා වසංගතය භාර කන්‍යා දෙවගනකි.සියුස් මහ දෙවියාගෙ හා ලෙටෝ ගේ දියණියක වන ඈ ඇපලෝගේ නිවුන් සොහොයුරියයි.
              ඇතීනා(Athina) යනු බුද්ධිය හා සුරුවිරුකම,යුද්ධෝපාය,යුද්ධ ක්‍රමෝපාය,අත්කම් හා ඥානයට අධිපති දෙවගනයි.ග්‍රීක මිථ්‍යාවේදයේ සඳහන් වන අන්දමට ඈ උපත ලැබුවේ සියුස් මහ දෙවියාගේ හිස තුළිනි.
         ඩ්මීටර්(Demeter) ධාන්‍ය,අස්වනු නෙළීම,සංවර්ධනය හා පෝෂ්‍ය ගුණයට අධිපති දෙවගන ලෙස හැඳින්වේ.ක්‍රෝනුස් හා රෙහා දෙපලගේ දියණියක වන ඩිමීටර් සියුස් මහ දෙවියාගේ සොහොයුරියකි.
                 දියෝනීසස්(Dionysus)මුද්‍රිත පානය,සාද සහ උත්සව,උමතුව,වියවුල,බේබදුකම,ඖෂධ හා අතිමහත් ප්‍රීතියට අධිපති දෙවියා ලෙස මොහු හැදින්වේ
               හෙඩාස්(Hedars)මළවුන්ගේත් පාතාලයටත් අධිපති දෙවියා ලෙස හැඳින්වේ.ඔහු සැඟවුණු ධනය හා මිණි මුතුවලට අධිපතියා ය.
              හෙපීස්ටස්(Hephaestus)වනාහි ගින්දර,ලෝහ වැඩ සහ කර්මාන්ත වලට අධිපති ආබාධිත දෙවියෙකු ලෙස සැලකේ.එමෙන්ම මොහු මහ දෙවි සියුස් සහ හේරාගේ පුත්‍රයෙකු ලෙසද සැලකේ.මොහු ඔලිම්පස් කන්දේ සියලු දිව්‍ය විමාන රථ ආදිය තැනූ පුද්ගලයා ය.
                  හර්මීස්(Hermes)වනාහි දේශ සීමා,සංචාර,සන්නිවේදන,වෙළඳාම,භාෂාව,
ලේඛනය,තානාපති සේවය,ක්‍රීඩා හා සත්ත්ව පාලනයට අධිපති දෙවියා ය.
               හෙස්ටියා(Hestia)නිවස,ලිප හා පාරිශුද්ධභාවයට අධිපති කන්‍යා දෙවගන මැයයි.ග්‍රීක කලාවේදී වැඩි වශයෙන් නිරූපණය නොකල දෙවඟනක වන ඈ වේල් පටියක් විනීතව පැළඳගත් දෙවඟනක ලෙස නිරූපණය කොට ඇත.
              පොසිඩොන්(Poseidon)වනාහි මුහුද,ගංඟා,ගංවතුර,නියඟය,භූමි කම්පා වලට අධිපති දෙවියා ය.ඔහු ක්‍රෝනුස් සහ රෙහා යුවලගේ පුත්‍රයෙකු වන අතර සියුස් මහ දෙවියා හා හේඩාස් මහ රැජිනගේ සහෝදරයාය.
                   

             








Comments

Post a Comment

Popular posts from this blog

ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා

භාරතීය මිථ්‍යාවේදය.........