කබුකි නාට්‍ය කලාව
17 වන සියවසේ ප්‍රභවය වූ කබුකි නාට්‍ය කලාව නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී යන රංග ශෛලීන් මනා ලෙස සංකලනය වූ නාට්‍ය කලාවකි.
මෙහි කබුකි යන වචනයේ පරිණාමය විමසා බැලීමේදී "ක"යනු ගායනයයි."බු"යනු නර්තනයයි."කබු"චීන වචනයකි.මේ වචනයට ජපන් ජාතිකයන් විසින් "සු"අකුර එක් කරන ලදි.එහි අරුත කිරීම යනුයි.ඒ අනුව "කබුසු"යන වචනයේ අර්ථය වන්නේ "ගායනය හා නර්ථනය"කිරීම යනුයි.මේ වචනය නිසි ලෙස උච්ඡාරණය කල නොහැකි වූ සාමාන්‍ය ජනතාව විසින් "කබුකි"යනුවෙන් එය උච්ඡාරණය කෙරිණි.
උසුලු විසුලු කිරීම,කැමති පරිදි ක්‍රීඩාවෙහි යෙදීම,විලාස පෑම යන අර්ථයන් සාමාන්‍යයෙන් කබුකි යන වචනයෙන් අදහස් කරයි.එමෙන්ම "ක්‍යාගෙකි"හෙවත් "පෞරාණික ගුරුකුල නාට්‍ය" යන නමින්ද කබුකි හඳුන්වනු ලැබේ.
පුරාවෘත්තයන්ට අනුව ප්‍රථම කබුකි දර්ශනය රංග ගතකර ඇත්තේ ක්‍රි.ව.1596 දී ක්යෝතෝ නගරයේදීය.ක්‍රි.ව.1688 සිට 1704 දක්වා වූ ගොන්රොකු අවධියෙහි කලාත්මක මාධ්‍යයක් ලෙස මෙය තව දුරටත් වර්ධනය වී ඇත. කබුකි නාට්‍ය කලාව ගොඩනැගෙන්නට වූයේ එදෝ හෙවත් තොකුගාවා අවධියේ ආරම්භයේ සිටය.(1603-1867)මේ කාල පරිච්ඡේදය ස්ථාවර තොකුගාවා අවධිය ලෙස නම් කර තිබේ.එසේ හඳුන්වනු ලැබුවේ තොකුගාවා ෂෝගුනතේ යටතේ සාමයෙන් හා ස්ථාවරත්වයෙන් යුතුව පැවතීම නිසාය.කබුකි නාට්‍යය යන පදයේ සංක්ෂිප්තයක් ලෙස ඉන්පසු කබුකි සලකනු ලැබීය.එදෝ අවධියේදී වඩාත් වැදගත් හා තහවුරු වූ නාට්‍ය කලාවක් බවට කබුකි පත් වූයේය.
කබුකි වේදිකාවේ වඩාත් වැදගත් ලක්ෂණයක් ලෙස හනමිචි (මල් මග) හැඳින්විය හැකිය.පටු මාවත,වේදිකාවේ වම් පසට ප්‍රේක්ෂකයන් අතුරෙන් විහිදී ගොස් නාට්‍ය ශාලාවේ පසුපසට නැඹුරු වෙයි.ප්‍රධාන වේදිකාවෙන් ඇතුලුවීමේ හා පිට වී යාමේ අවකාශය සැලසී ඇත.හනමිචි වල ප්‍රභවය අරභයා විවිධ මත අසන්නට ලැබේ.එක් මතයක් නම් හනමිචි වූ කලී නෝ වේදිකාවෙන් ලද ආභාසයක් බවය.කැටපත් කාමරයේ සිට නෝ නලුවන් අතුලුවන හා පිටවන පටු තීරයේ විකාසනයක් ලෙස මෙය සැලකිය හැකිය.
ජපන් සංස්කෘතිය මනාවට පිළිබිඹු වන කබුකි නාට්‍ය කලාව සැබැවින්ම දුටුවන් නෙත් සිත් පැහැර ගන්නා නාට්‍ය අංගයකි.
Comments
Post a Comment