මොනාලිසා..........



           ක්‍රි.පූ.1505-1517 කාල සීමාව තුළ ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලා කරුවා අතින් නිමවුණ විශිෂ්ඨ ගනයේ කලා නිර්මාණය මොනාලිසා සිතුවමයි.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
           මෙම සිතිවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් (Florence) නගරයේ විසූ Lisa Gherardini නම්වූ ධනවත් කාන්තාවගේ රුවයි.ඇය ධනවත් සිල්ක් වෙළෙන්ඳෙකුගේ බිරිඳ විය.තම නිවසේ වැඩ කටයුතු අවසන් වීමත්,තම දෙවැනි පුතුගේ උපත සැමරීම සඳහාත් ඔහු තම බිරිඳගේ රුව සිතුවම් කරන ලෙස ඩාවින්චි හට පැවරීය.
            ප්‍රංශ රජතුමාගේ ආරාධනයකට අනුව ප්‍රංශයට ගිය ඩාවින්චි එහෙ යන විට මෙම සිතුවමද රැගෙන ගියේය.ඩාවින්චි මිය ගිය පසු ඩාවින්චි විසින් කරන ලද නිර්මාණ බොහෝමයක් ඔහුගේ ගෝලයා වූ Salai සතු විය.ප්‍රංශ රජු මෙය ඔහුගෙන් මුදල් ගෙවා ලබා ගන්නා ලදි.
        1911 අගෝස්තු 11 වන දින මෙය Louvre කෞතුකාගාරයේ තිබී අතුරුදන් විය.Vincenzo Peruggia යන ඉතාලි ජාතිකයා විසින් මෙය සොරකම් කරන ලදුව 1913දී ඉතාලි කෞතුකාගාරය සඳහා විකුණන ලදි.මෙම සිතුවම පිලිබඳව තමාට වැඩිපුර අයිතියක් ඇතැයි සිතූ ඉතාලි ජාතිකයෝ ඔහුට ප්‍රශංසා කලහ.කෙසේ වුවද සිතුවම Louvre කෞතුකාගාරයෙන් සොරකම් කිරීමේ වරදට ඔහුට මාස 6ක සිර දඬුවමක් නියම විය.
                   ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවමට නගන ලද මෙම මොනාලිසා සිතුවම අදටද ජනාදරයට පත්වන අපූරු මෙන්ම කලාත්මක නිර්මාණයකි.........
   

Comments

Post a Comment

Popular posts from this blog

ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා

ග්‍රීක දෙවිවරු ............

භාරතීය මිථ්‍යාවේදය.........