භාරතීය මිථ්‍යාවේදය.........

     
              භාරතීය මිථ්‍යාවේදයේ දැක්වෙන දේව පුරාණය අපරදිග දේව පුරාණයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලබයි.හින්දු දෙවිවරු තිදෙනාට මහා බල සම්පන්න අඹුවෝ සිටිති.මහා බ්‍රහ්මයාගේ භාර්යාව වන සරස්වතිය බුද්ධියටත් කලාවටත් අධිපති දෙවඟනයි.සශ්‍රීකත්වයට අධිපති දෙවඟන වූ ලක්ෂ්මී දේවිය විෂ්ණු දෙවියන්ගේ භාර්‍යාවයි.පාර්වතී නැතහොත් දුර්ගා නමින් හඳුන්වනු ලබන උමයංගනාව ශිව දෙවියන්ගේ භාර්‍යාවයි.මෙම දිව්‍යාංගනාවන් හුදකලාව තම බලය පතුරවාගෙන සිටිය තැනැත්තියන් නොව ස්වකීය ස්වාමිපුරුෂයින්ගේ ශක්තිය හා බලයෙන් ස්වකීය ආනුභාව පතුරවන දෙවඟනන් සේ සැලකේ.
                    මෙම දෙවිවරුන් අතරින් විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේ වඩාත්ම මානුෂීය ගති ඇති දෙවියන් සේ සලකනු ලබන්නේ ලොව විනාශය කරා ගිය බොහෝ අවස්ථා වලදී දෙව් ලොවින් මනුෂ්‍ය ලොවට සැපත් වී ඒවා විසදීමට මැදිහත් වූ බැවිනි.
                  විෂ්ණු දෙවියන්ගේ විවිධ අවතාර පවතින බවත් විවිධ වේෂයෙන් මනුෂ්‍යයන්ට පිහිට වීමට ඉදිරිපත් වන බවත් ප්‍රකට කරුණකි.
              මෙම ප්‍රධාන දෙවිවරුන් තිදෙනා හැරුනු විට හින්දු භක්තිකයන් අදහන වර්ෂාවට අධිපති ඉන්ද්‍ර,සූර්‍යයාට අධිපති සූර්ය දෙවියෝ,වායුවට අධිපති වායු දෙවියන් වැනි පරිවාර දිව්‍ය මණ්ඩලයක්ද සිටින බව අපට පෙනී යයි.ග්‍රීක දෙවිවරු මෙන්ම මහ බ්‍රහ්මයාගේ සිට වෙනත් දෙවිවරුන්ද මනුෂ්‍ය ලෝකයේ ප්‍රශ්න වලට මැදිහත් වෙමින් මනුෂ්‍ය ස්ත්‍රීන් හා පුරුෂයින් සමඟ සබඳතා ඇතිකර ගනිමින්,ඔවුන්ට පිහිට වෙමින් සාමාන්‍ය මිනිසුන් මෙන්ම හරිදේ මෙන්ම වැරදි දේද කල අවස්ථා පවතින බව භාරතීය මිථ්‍යාවේදය අධ්‍යයනය කරන විට පෙනී යයි.
                   මෙම දෙවියන් අදටත් භාරතීය සංස්කෘතිය තුළ ඉමහත් පුද පූජා ලබනු අපට දැකිය හැකිය.තිරුමලේ පිහිටි කඳු මස්තකයේ අදත් හින්දු භක්තිකයන් ගේ පුද සත්කාර ලබමින් එහි පිහිටි මහ දෙවොලේ බැතිමතුන් ඉදිරියේ විෂ්ණු දෙවියන් දර්ශනය වන බව පුරාණෝක්ති වල දැක්වේ.
           ඩෙල්ෆි හී ඔලිම්පස් කන්දේ ඇපලෝ දෙවියන් වෙනුවෙන් මහා දෙවොලක් තනා පුද පූජා පවත්වන්නා සේම විෂ්ණු දෙවියන් මනු ලොවට පා තැබූ කඳු පුරවරයේ පිහිටි දෙවොලට අදටත් බැතිමත්හූ පුද පූජා පවත්වති.
                       
                   

Comments

Post a Comment

Popular posts from this blog

ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා

ග්‍රීක දෙවිවරු ............