ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා
තම මුලු ජීවිත කාලයම සත්‍යය ගවේෂණය සඳහා කැපකල ප්ලේටෝගේ විවේචනයට මුලින්ම හසු වන්නේ සාහිත්‍ය පොත් පත් වල අන්තර්ගතය සහ කවියාගේ දැනීමයි.ප්ලේටෝගේ සංවාදයන්හි මේ පිලිබඳ අදහස් බොහෝමයක් දැක්වේ.කවීන් සාර්ථක සාහිත්‍ය පොත් පත් රචනා කරන්නේ දේවානුභාවයෙන් බව,කාව්‍යකරණය කරන අවස්ථාවෙහි කවියා ප්‍රක්‍ෘති සිහියෙන් නොසිටින බවය ඔහුගේ අදහස වන්නේ.තවද,කාව්‍යකරණය කරන අවස්ථාවේදී කවියාගේ මනසට ආරූඪ වී සිටින්නේ කවියට අධිපති දෙවියාය.
එමෙන්ම සමකාලීනව සමාජයේ පැවති මරණින් මතු ඉරණම යන්න කවීන් දී තිබූ සංකල්පය ප්ලේටෝගේ දඩි විවේචනයට ලක් වූ සංකල්පයක් විය.යමෙකු මරණයට පත් වූ විට ම්‍ෘත ශරීරයට අවශ්‍ය ගරුබුහුමන් නිසි ලෙස කෙරුනහොත් ඔහුගේ ජීවිතය යහපත් අන්දමින් ගත කර තිබුනත් නැතත් ඔහුගේ ආත්මය මළවුන්ගේ ලෝකයට ඇතුළත් වන බව කවීන් පවසා තිබුණි.මරණින් මතු ජීවිතය පිළිබඳ මෙවැනි සංකල්ප සමාජයට දීම අතිශයින් හානිදායක බව ප්ලේටෝ පැවසීය.
එමෙන්ම සාහිත්‍යය ක්‍ෘතියක ගැබ් වී ඇති ආකර්ෂණ ශක්තිය ප්ලේටෝගේ විවේචනයට ලක්වන ඊළඟ කරුණයි.
"කාව්‍ය හරිම බලවත් විජ්ජාවක් වගෙයි."
"මං කියන්නේ ඒවා නරක දෑ කියලා නොවෙයි.ජනප්‍රිය නැහැ කියලත් කියන්නේ නැහැ.ඒවා නාට්‍යමය අතින් සාර්ථක නිසාමයි හොඳ නැත්තේ."
මෙයයි මේ පිලිබඳව ප්ලේටෝගේ අදහස වූයේ.දක්ෂ සාහිත්‍යකරුවෙකුට ජනමතය පවා වෙනස් කිරීමට හැකි බව ප්ලේටෝ පවසයි.සාහිත්‍යයේ බලයට ගොදුරු වුවහොත් දාර්ශනිකයන් වන භාරකාර පාලකයන්ගේ මනස මෙන්ම ගතිගුණ පවා වෙනස් විය හැකි බව ප්ලේටෝ පැවසීය.
සාහිත්‍යය නිර්මාණයක් ඉදිරිපත් කර ඇති ආකාරය පවා ප්ලේටෝ දැඩි ලෙස විවේචනය කරයි.
"සාහිත්‍ය ක්‍ෘතියක් නිර්මාණය කරන කවියා ඒක තේරුම් ගන්න පුලුවන් අයයි බැරි අයයි අතරේ ඒක විසිකරලා දානවා.යමක් කියවන්නා ගේ මනසට තමා කියවන දෑ පිලිබඳව ප්‍රශ්න රාශියක් පැන නැඟීමට පුලුවන.එහෙත් ඒ ප්‍රශ්න අසා ඒ ගැටලු විසඳා ගැනීමට ඔහුට රචකයා මුණගැසෙන්නේ නැත."මෙයයි මේ පිලිබඳව ප්ලේටෝගේ මතය වන්නේ.
ප්ලේටෝගේ අදහස පරිදි යහපත් සාහිත්‍යයක අන්තර්ගත විය යුත්තේ දර්ශනයයි.විෂය ඉදිරිපත් කළ යුතු ක්‍රමය වන්නේ සංවාදාත්මක ස්වරූපයයි.එසේ නම් යහපත් සාහිත්‍යය යනුවෙන් ඔහු හැඳින්වූයේ අන් කිසිවක් නොව දාර්ශනික සංවාද වන බව අපට පැහැදිලි වේ.
Comments
Post a Comment