චීන මහා ප්‍රාකාරය.......



           1987දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට නම් කල චීන මහා ප්‍රාකාරය සැබැවින්ම අද්විතීය නිර්මාණයකි.කි.මී.6400ක පමණ දිගකින් එනම් සැතපුම් 4000කින් යුක්ත වන චීන මහා ප්‍රාකාරය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලෝප්නූර් දක්වා විහිදී යයි.
මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොන්ගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරණු ලබයි.
චීනයේ උතුරු මායිම ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ.6 වන ශතවර්ෂය සහ ක්‍රි.ව.16 වැනි ශතවර්ෂ අතර අනුක්‍රමික චීන රාජ වංශයන් මඟින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට තිබෙන ආරෂිත ප්‍රාකාරයකි මෙය.....
5වන සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කර තිබේ.මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය නිර්මාණය කරන ලද්දේ පළමුවන චීන අධිරාජ්‍යයා වූ ෂි හුවාන් (Qin Shihuang) විසිනි.Qin Wei,Zhao,Qiyan සහ Zhongshan ලෙස රාජ්‍ය කිහිපයකට ක්‍රි.පූ.5 සිට ක්‍රි.පූ.221 යන කාලය තුළ චීනය කොටස් වලට බෙදී තිබුණි.එම කාල පරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ම සපයා ගැනීමට පුරුදු වී තිබුණි.සතුරාගෙන් එල්ල වන ප්‍රහාර හමුවේ සතුරාට මුහුණ දීමට මෙම ප්‍රකාර ඉදිකිරීම ඉතාම වැදගත් විය.
සැබවින්ම චීන මහා ප්‍රාකාරය යනු විශිෂ්ඨ ගනයේ පුදුමාකාර නිර්මාණයකි........

Comments

Popular posts from this blog

ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්පනා

ග්‍රීක දෙවිවරු ............

භාරතීය මිථ්‍යාවේදය.........